Monday, November 5, 2012

වෙලාවකට හිතෙනව රූපවාහිනී, පරිගනක, අන්තර්ජාල නැති ඒ කාලෙ කොච්චර සුන්දරද කියල... චිතුපටියක් වේදිකා නාට්‍යයක් නරඹලා ( හෝ බලලා) එදා ලබපු ඒ සුන්දර වින්දනය හරිම අපූරුයි...
කොහේ හරි ඈත පලාතකට සංචාරයක් ගියත් රෑ වුනාම කොහොම හරි සෙට් වෙන්න ෆිල්ම් හෝල් එකක් හොයාගෙන...
යාපනේ රීගල් එකේ ,වින්ඩ්සර් එකේ චිතුපටි බලපු හැටි මතක් වෙනව.....
අම්පාරෙදි ටිකට් ඉවරවෙලා තිබුනු නිසා මැනේජර්ට පින්සෙන්ඩු වෙලා පිටිපස්සෙන් හිටගෙන වීර පුරන් අප්පු චිත්‍රපටිය බලපු එකනම් අමතක වෙන්නෙම නැහැ.
මැදවච්චියෙ (මතක හැටියට ශාන්ති) හෝල් එකේ චිතුපටියක් බලන්ඩ ගිහිල්ල වෙච්ච සිද්ධියක් මතක් වෙනකොටත් හිනා යනවා...
ඒ මතකයන් කෙතරම් සුන්දරද?

No comments:

Post a Comment