මකුළු දැළෙන් බදා හමන සුළං එදා
රැක ගත් වැර යොදෘ සඵල වුනිද සුදා..?
ගොතන චපල කතා මෙයා හරිම සතා
කෙහෙරැල්ලේ ඔතා ගෙනෙයි දුඹුටු කතා...
රැකුණේ නැහැ සුළං එදා
වැර ගත්තත් තදින් බදා
සපල උනේ නැහැනෙ සුදා
දුක එකයි මටත් මෙදා
Monday, November 5, 2012
මල් නම් සැපයි තණමල්විල උරපු.....මල
ගල් නම් සැරයි හිඟුරානේ පෙරපු......ගල
පොල් මල් මැදල බිව් රා ටික තමයි...එල
නරකට ඇත්තෙ කාරල බිම ගහන..කෙල
මල්නම් සැපයි තණමල්විල උරපු මල
ගල්නම් සැරයි හිඟුරානේ පෙරපු ගල
ගල්+ මල් ගසා අම්පාරේ බෙදපු තෙල
ගල්මල් කඩාගෙන නැගෙනා උදම් රළ
මල ගැහුවම කල්පනාව රජයනවා
ගල් ගැහුවම පුත්තානම් දොඩවනවා
දෙකම එකට සැන්ඩිය වැටුනම මොනවා
එකෙක් කතාවේ අනෙකා නිදියනවා
ගල් නම් සැරයි හිඟුරානේ පෙරපු......ගල
පොල් මල් මැදල බිව් රා ටික තමයි...එල
නරකට ඇත්තෙ කාරල බිම ගහන..කෙල
මල්නම් සැපයි තණමල්විල උරපු මල
ගල්නම් සැරයි හිඟුරානේ පෙරපු ගල
ගල්+ මල් ගසා අම්පාරේ බෙදපු තෙල
ගල්මල් කඩාගෙන නැගෙනා උදම් රළ
මල ගැහුවම කල්පනාව රජයනවා
ගල් ගැහුවම පුත්තානම් දොඩවනවා
දෙකම එකට සැන්ඩිය වැටුනම මොනවා
එකෙක් කතාවේ අනෙකා නිදියනවා
වෙලාවකට හිතෙනව රූපවාහිනී, පරිගනක, අන්තර්ජාල නැති ඒ කාලෙ කොච්චර සුන්දරද කියල... චිතුපටියක් වේදිකා නාට්යයක් නරඹලා ( හෝ බලලා) එදා ලබපු ඒ සුන්දර වින්දනය හරිම අපූරුයි...
කොහේ හරි ඈත පලාතකට සංචාරයක් ගියත් රෑ වුනාම කොහොම හරි සෙට් වෙන්න ෆිල්ම් හෝල් එකක් හොයාගෙන...
යාපනේ රීගල් එකේ ,වින්ඩ්සර් එකේ චිතුපටි බලපු හැටි මතක් වෙනව.....
අම්පාරෙදි ටිකට් ඉවරවෙලා තිබුනු නිසා මැනේජර්ට පින්සෙන්ඩු වෙලා පිටිපස්සෙන් හිටගෙන වීර පුරන් අප්පු චිත්රපටිය බලපු එකනම් අමතක වෙන්නෙම නැහැ.
මැදවච්චියෙ (මතක හැටියට ශාන්ති) හෝල් එකේ චිතුපටියක් බලන්ඩ ගිහිල්ල වෙච්ච සිද්ධියක් මතක් වෙනකොටත් හිනා යනවා...
ඒ මතකයන් කෙතරම් සුන්දරද?

Subscribe to:
Posts (Atom)